Saturday, March 15, 2014

Culture in Lanka

තිරියාය වටදාගෙය 

ත්රියකුණාමලය ‍දිස්ත්රිික්කයේ නැගෙනහිර කඩ්ඩුකුලම් පත්තුව ප්රාකදේශීය ලේකම් කොට්ඨාසයේ තිරියාය ගම පිහිටා තිබේ. ත්රිිකුණාමල පුල්මුඩෙයි මාර්ගයේ 27, 28 සැතපුම් කණු අතරින් හැරී තිරියාය ගමට පිවිසිය හැකි ය. මෙම ගමේ බටහිර පැත්තේ පිහිටි කඳු ගැටයක් මත මෙම වටදාගෙය නිර්මාණය කර ඇත. චෛත්යයය වෙත පිවිසීම සදහා කන්දේ දකුණු පැත්තෙන් පියගැටපෙළක් නිර්මාණය කර ඇත. පළමුවෙන් කුඩා චෛත්යමhක් නිර්මාණය කර ඇති අතර ක්රින.ව. අටවන සියවසේ දී පමණ මෙම චෛත්යගය විශාල කර වටදාගෙය නිර්මාණය කර ඇත. වෘත්තාකාර වේදිකාවක් මත නිර්මාණය කර ඇති මෙහි වටා ගල් කුළුණු පේළි දෙකක් ඇත. ඒ වටා වෘත්තාකාර බිත්තියක් ඉදිකර තිබේ. මේ බිත්තිය මත තැනින් තැන ලී කුළුණු සවි කිරීමට තැනූ කුහර පිහිටා තිබේ. සිව්දිසානුගතව පඩි පේළි 4ක් නිර්මාණය ‍කොට ඇත. හතර දිසාවේ මල් ආසන හතරක් ද පිහිටුවා තිබේ. ඒ ආශ්රිිතව ඇති ලෙනක ක්රිත.පූ. යුගයට අයත් ලිපියක් පවතී. මෙහි ගල් පරයක ක්රි .ව. 8 වෙනි සියවසට අයත් සංස්කෘත භාෂාවෙන් කරන ලද සෙල් ලිපියක් ද දැකිය හැකි ය. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් කළ ගිරිගඬුසෑය මෙය ලෙස ජනප්රලවාදයේ පවතී. මේ ආශ්රි්තව විහාර ගෙයක හා වෙනත් ගොඩනැගිලිවල අව‍ශේෂ දැකිය හැකි ය.  වටදාගෙට පිවිසීමට දිශා හතරෙහිම අලංකාර කැටයම් සහිත මුරගල් ඇති පියගැට පෙළක් වේ. වෙහෙර සිව්පසෙහි මල් අසුන් දක්නට ඇත.

No comments:

Post a Comment